ඊයේ තවත් ආසාදිතයින් 525ක්

ජන 09, 2021

    ඊයේ උදෑසන වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 524 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ‍හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 193ක් ලෙසයි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 181 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වී තිබේ.

    අද උදෑසන වන විට මිනුවන්ගොඩ ‍ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 43,525ක්.

    ඉන් පුද්ගලයින් 37,559 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,059ක් වෙයි.

    Latest News