තවත් ආසාදිතයින් 522ක්...කළුතරින් 81ක්

ජන 07, 2021

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 522 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් 521 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 206 ක් ලෙසය.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81ක් ලෙස වාර්ථා වෙයි. අනෙක් ආසාදිතයින් 137 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 42,476 ක් වේ. ඉන් පුද්ගලයින් 36,265 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්යන වෙළඳපලේ පොකුර - 39,417

    Latest News