තවත් ආසාදිතයින් 484ක්..ගම්පහ ප්‍රදේශයෙන් 110ක්

ජන 06, 2021

    ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 484 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 479 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 121 ක් ලෙසය.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 218 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    අද (06) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 41,955 ක් වේ. ඉන් පුද්ගලයින් 35,504 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 (පූර්ණ සුවය ලබා ඇත) පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුර - 38,896

    අද (06) දින උදෑසන වනවිට, මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්යාඳව 45,725 ක් වන අතර ඉන් පුද්ගලයින් 38,261ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (06) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,247 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (06) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 445 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    ඊයේ දිනය තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කළුතර සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනූව, අද (06) දින උදෑසන වනවිට ‍මෙරටින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News