බස්නාහිරෙන් පිටව යන තවත් ආසාදිතයින් 16ක්

දෙසැ 31, 2020

    බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙක් හඳුනා ගැනිණ.

    එම ආසාදිතයින් හඳුනාගැනුණේ ස්ථාන 11ක දී සිදුකරනු ලැබූ පරීක්ෂණ 940ක් අතරින්.

    එම කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් 195 දෙනෙක් ද හඳුනාගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

    පසුගිය දෙසැම්බර් 18 වන දින සිට බස්නාහිරින් පිටව යන පුද්ගලයින්ගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීම ඇරඹිණ.

    ඒ අනූව මේ දක්වා සමස්ත ආසාදිතයින් ගණන 90ක්. ඔවුන්ගෙන් හඳුනාගෙන ඇති මුළු සමීප ආශ්‍රිතයින් ගණන 572ක්.

    Latest News