තවත් යුක්‍රේන සංචාරකයින් තිදෙනෙක්ට කොරෝනා

දෙසැ 31, 2020

    පසුගියදා (28) මෙරටට යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයින් 108 දෙනාගෙන් තවත් තිදෙනෙක්ට කොවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

    වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ සංචාරකයින් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

    සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව දෙසැම්බර් මස 28 වැනිදා මත්තල ගුවන්තොටුපොළෙන් ඔවුන් මෙරටට පැමිණියේය.

    පිරිස දිවයිනට ළඟා වීමෙන් පසු PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර පසුව ඔවුන්ව හෝටල් වෙත යොමු කෙරිණ.

    Latest News