මාතලේ නගර සභාවේ 4කට කොරෝනා

දෙසැ 23, 2020

    මාතලේ මහනගර සභ‍ාවේ සුළු සේවකයින් සිව් දෙනෙක් හා ඔවුන්ගේ පවුලේ ඥාතින් 11 දෙනෙක් කොරෝනා රෝගින් බවට තහවුරු වීමත් සමග මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයේ හිග්ගොල්ල ගම්මානයට අද (23)  සංචරණ සීමා පැනවිමට පියවර ගෙන තිබේ.

    පසුගිය 21 වැනි දින මාතලේ මහ නගර සභාවේ සුළු සේවකයෙක් හා ඔහුගේ පවුලේ ඥාතීන් තිදෙනෙක් කොවිට් - 19 ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට යොමු කර තිබේ.

    ඔවුන්ගේ ආශ්‍රිතයින් පීසීආර් පරික්ෂාවට ලක් කිරිමේදී අනෙක් රෝගීන් හදුනාගැනිමත් සමග එම ගම්මානයට සංචරණ සීමා පැනිවිමට පියවර ගෙන ඇත.

    ඊයේ (22) වන දිනයේදීත් ආසදිතයින් බවට තහවුරු වූ රෝගීන් තිදෙනෙක් රාජකාරි කටයුතු සදහා මාතලේ මහ නගර සභාවට පැමිණ ඇති බැවින් නගර සභාවේ සියළු සේවකයින් පිසිආර් පරික්ෂාවට ලක් කිරිමට නියමිතයි.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:37

    Latest News