ඊයේ ආසාදිතයින් 428ක්..ත්‍රිකුණාමලයෙන් 42ක්

දෙසැ 23, 2020

    ගතවූ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 428 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඉතිරි පුද්ගලයින් 427 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193ක් ලෙස වාර්තා වෙයි.

    ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් ලෙස වාර්තා වෙයි.

    අනෙක් ආසාදිතයින් 91 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    Latest News