ජනතා සේවයට මේකප් බහිරව රූප එපා - සජිත් (වීඩියෝ)

ජන 21, 2019
  •  

    රටේ පුරවැසි සැමට ඡන්ද අයිතිය මෙන්ම ඉඩමක හා නිවසක අයිතිය ලබා දීම සෑම රජයකම වගකීම බවත්, පුරවැසි අයිතීන් ඉටු නොකරන රජයකින් ජනතාවට පලක් නොමැති බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේඅනුරාධපුර දිස්ත්‍රික්කයේ, රඹෑව, වහමල්ගොල්ලෑවේ ඉදිවූ“ශ්‍රීමත් ඩඩ්ලි සේනානායකගම” සහ “විහාරමහාදේවිගම” යන උදා ගම්මාන 2 ක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (21) දින සහභාගී වෙමිණි.

    “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 156 සහ 157 වන ආදර්ශ ගම්මාන මේවා වේ. නිවාස 60 කින් සමන්විත මෙම ගම්මාන දෙකඅංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 840කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.‍ ශ්‍රීමත් ඩඩ්ලි සේනානායකගම මධ්‍යම ප්‍රාන්තික නිවාස ගම්මානයක් වන අතර ප්‍රවීන කාලා ශිල්පී ජයසේකර අපොන්සුඑම උදා ගම්මානයෙන් නිවසක් ලබා දීම විශේෂත්වයකි.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස “2025 දී රට තුළ උදාගම්මාන 20,000 ක් ඉදි කිරීම අපගේ අවසන් ඉලක්කයයි. ඒ අනුව පළමු අදියරේදී උදාගම්මාන 2,500 ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000 ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000 ක් සහ සිවිවන අදියරේදී නැවත උදා ගම්මාන 2,500 වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. 2025 දී සැමට සෙවණ ලබා දෙන්නට නම් ඉදිරි මැතිවරණ වලදී ජනතාව විසින් බලයට පත්කර ගත යුත්තේ රටට කිසිදු සේවයක් ඉටු නොකර මේකප් දමාගෙන, උඩු රුවුල වවාගත් බාහිර ප්‍රතිරූපය පමණක් පෙන්වන දේශපාලන‍ඥයින්ද නැති නම් දිවා රෑ නොබල වෙහසවි ජනතා සේවය සිදුකරන දේශපාලන‍ඥයින්ද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බලා තීරණය කළ යුතු බවත්“ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මෙම අවස්ථාවට කාන්තා, ළමා කටයුතු හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනවසන්ත සේනානායක, චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 21:18

    Latest News