නොර්වුඩ් දමිල විද්‍යාලය තාවකාලිකව වසා දැමේ

දෙසැ 07, 2020

    නොර්වුඩ් දමිල විද්‍යාලය තාවකාලිකව වස දමයි, වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් , නොර්වුඩ් පාසලේ ගුරුවරුන් සහ ළමුන් සමග සමිප සම්බන්ධතා පැවැත් වු ගුරුවරුන් සහ සිසු සිසුවියන් ආපසු හරවා යැවිමට විදුහල්පතිවරුන් කටයුතු කරයි.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටත් නොර්වුඩ් දමිල මහා විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබේ.

    ඒ ගුරුවරියකට සහ ඇයගේ සිව්මස් බිලින්දියට,පස් හැවිරිදි දියණියට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වීම හේතුවෙන්.

    එම ගුරුවරිය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ගුරුවරුන් සහ සිසු සිසුවියන් ස්වයං නිරෝධානයට යොමු කළ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි.

    වෛරසය අසාදනය ගුරුවරිය සහ ඇයගේ දරුවන් දෙදෙනා පේරාදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කටයුතු කර තිබුණි.

    දමිල විද්‍යාලයේ සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර, එහි අචාර්යය මණ්ඩලය 72 දෙනෙක්ගෙන් සමන්විතයි.

    පවත්නා තත්ත්වය මත අද (07) දිනයේ වතුකරයේ පාසල් වලට සිසු සිසුවියන්ගේ පැමිණිමේ විශාල අඩුවක් පවතින බවත්, අචාර්යය මණ්ඩලයේ පැමිණිම සමාන්‍ය තත්වයේ පවතින බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ.

    අද පාසලට පැමිණි ළමුන්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව ඉගැන්විම් කටයුතු සිදු කරන බවද විදුහල්පතිවරුන් පැවසිය.

    Latest News