කොවිඩ්-19; 19,438කට පූර්ණ සුවය  

දෙසැ 04, 2020

    කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 19,438 දක්වා ඉහළ ගොස් තිබේ.

    පූර්ණ සුවය ලැබූ තවත් 406ක් රෝහල්වලින් අද පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 137ක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, කලුතර, පුත්තලම, කුරුණෑගල, අම්පාර, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    රඹුක්කන සහ පින්නවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 23ක් සුවය ලබා පිටව ගිය බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළාය. ඔවුන් කොළඹ, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    Latest News