පංච පුද්ගල කමිටු වාර්තාව සදුදා අධිකරණය ඇමතිට

දෙසැ 04, 2020

    මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ලබන සදුදා අධිකරණ අමාත්‍යවරයාට භාරදීමට නියමිතයි.

    සිද්ධියෙන් මියගිය රැදවූවන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට අදාළ නඩු විභාගය ලබන 11 වනදා දක්වා කල්ගියා.

    මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැදවූවන්ගේ සිරුරු ආදාහනය හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අධිකරණයට මීට පෙර වාර්තාකර තිබුණේ මියගිය පිරිසගේ සිරුරු නිරෝධායන නීතියට අනුව ආදාහනය කළහොත් මරණ පරීක්ෂණ සදහා බාධා එල්ලවන බවයි.

    ඒ අනුව කරුණු විමසීම සදහා අදාළ නිලධාරීන් අද දිනයේ අධිකරණයට කැදවීමටයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේ.

    බන්ධනාගාර සිද්ධියට හේතුවූ කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය අලිසබ්රි මහතා පත්කළ කමිටුවේ නිලධාරීන් අදත් මහර බන්ධනාගාරයට පැමිණියා.

    මෙම විමර්ශන කණ්ඩායමේ අතුරු වාර්තාව සදුදා දිනයේ අමාත්‍යවරයා වෙත භාරදීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මකවීමට නියමිතයි.

    Latest News