බතික් හා අත් යන්ත්‍ර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා රජයෙන් වැඩපිළිවෙලක්

දෙසැ 04, 2020

    එළැඹෙන ජනවාරි 01දා සිට බතික් හෝ අත් යන්ත්‍ රවලින් සැකසූ දේශීය ඇඟලුම් වලින් නිෂ්පාදිත ඇඳුමක් අඳින ලෙස බතික් හා අත් යන්ත්‍ර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

    කර්මාන්ත සහ වෙළෙඳ අමාත්‍යංශයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ අද (04)පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 25 දින රාජ්‍ය නත්තල් උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වෙන බවත් එහිදී ප්‍රථම වතාවට කාදිනල් හිමියන් දේශීය අත් යන්ත්‍ර වලින් නිමැවූ ක්ලොග් පළඳින බවයි.

    තවද ලබන වසරේ පැවැත්වෙන රාජ්‍ය නිදහස් උත්සවය සඳහා ද දේශීය රෙදි වලින් නිමැ වූ ජාතික කොඩියක් භාවිතා වන බවත් සෑම නිවසකම ජාතික කොඩිය සඳහා දේශීය රෙදිපිළි වලින් නිමැ වූ කොඩියක් තෝරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, බතික් හා අත් යන්ත්‍ර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ගෙන ඇති බවයි.

    එළැඹෙන අප්‍රේල් පළමු වනදා සිට මෙරටට විදේශීය නිමි ඇඳුම් ගෙන්වීම සීමා කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය.

    Latest News