සෞඛ්‍ය සේවා නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයා රිමාන්ඩ්

දෙසැ 04, 2020

    පසුගිය බදාදා (02) සෞඛ්‍ය සේවකයින් පිරිසකට අටුලුගමදී කෙළ ගැසූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ එම පුද්ගලයාව දෙසැම්බර් 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවය.

    කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරුවීමෙන් අනතුරුව එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් පිරිසක් අටුලුගමට ගොස් තිබුණි.

    එහිදී එම පුද්ගලයා රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය සේකයින්ට බාධා කර තිබේ.

    එසේම ඔහු සෞඛ්‍ය සේවකයින් දෙසට කෙළ ගැසූ බවට ද චෝදනා එල්ල වේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති යටතේ සහ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවය.

    Latest News