"බුරවි" සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට

දෙසැ 03, 2020

    "බුරවි" සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, සුළි කුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශය සඳහා අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට උදෑසන වනතෙක් ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසට, ඉල්ලීමක් කෙරේ. සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් පසුවන ලෙස ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    බුරවි සුළි කුණාටුව හේතුවෙන් මන්නාරම, යාපනය හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල වැසි හා තද සුළං හට ගැනිණ. අද උදේ 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය වාර්තා වුයේ, කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයෙන්.

    එම ප්‍රමාණය මිලිමීටර් 279.8ක්. යාපනය දිස්ත්‍රික්කයේ යාපනය, චාවකච්චේරි, කෘෂිකර්ම හා වාරිමාර්ග පරිශ්‍ර සහ අච්චිවේලි, තෙලිප්පලේ යන ප්‍රදේශවලට මිලිමීටර් 200 අධික වැසි ඇඳ හැළිණ.

    අම්පන් ප්‍රදේශයෙන් මිලිමීටර් 187ක වර්ෂාපතනයක් වාර්තාවේ. මන්නාරම මිලිමීටර් 189.5ක් ද, ත්‍රිකුණාමලය හා කුච්චිවේලි යන ප්‍රදේශවල වර්ෂාපතන අගය වන්නේ, පිළිවෙළින් මිලිමිටර් 166.9ක් සහ මිලිමිටර් 185ක්.

    Latest News