අද ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනයයි

දෙසැ 03, 2020

    ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය (දෙසැම්බර් 3) යනු, 1992 වසරෙහි සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලැබෙන ජාත්‍යන්තර සැමරුමකි.

    ලොව වටා විවිධ සඵලත්වයෙන් යුතුව මෙය සමරා ඇත.

    ආබාධිත තත්ත්වයන් පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම ද ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන් සඳහා අභිමානය, අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් රුකුල් දීම වෙත අනුග්‍රහ දැක්වීමද මෙම දිනය සැමරීමේ අදහස් අතර වෙති.

    දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘථික දිවියෙහි සෑම අංශයකදීම, ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන් සමෝධානය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව දැනුවත්කිරීම ඉහළ නැංවීමටද මෙයින් අදහස් කෙරෙයි.

    එය මුලින් හැඳින්වුනේ "ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය" ලෙසයි.

     

    උපත් ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකාව ද දැඩි බලපෑමකට ලක්වන රටකි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සෑම වසරකදී ම කාන්තාවන් 360,000ක් පමණ ගර්භණීභාවයට පත් වන අතර සජීවී දරු උපත් 326,000ක් පමණ සිදුවේ.

    එලෙස උපත ලබන ළදරුවන් 5800 දෙනෙකු උපත් ආබාධ සහිතව මෙලොව එළිය දකින අතර ඉන් 650 දෙනෙකු දින 365කට පෙර මිය යති.

    මෙම දත්ත අනුව දිනකට ශ්‍රී ලංකාවේ පමණක් උපත් ආබාධ සහිතව උපත ලබන ළදරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 16 දෙනෙකි.

    මීට අමතරව, කළලයට මාස 7කට පසු කුස තුළදී මිය යන හෙවත් මළ දරු උපත් 1900ක් වසරකට වාර්තා වේ.

    ඉන් 35%ක් කළල ආබාධ හෝ විකෘතිතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

     

    උපත් ආබාධ මත ඇති වන සංකූලතා හදවතේ සිදුරු ස්නායු පද්ධතියේ ආබාධ ඩවුන් සින්ඩ්‍රෝම් සංකීර්ණ උපත් ආබාධ උඩු තොල විකෘති වීම තැලසීමියා උපත් ආබාධ සහිත දරුවන් බිහි වීමට හේතුවේ.

    ගර්භණී සමයේදී ෆෝලික් අම්ලය නිසි පරිදි නොගැනීම.

    ගර්භණී මව්වරුන්ගේ රුධිරයේ සීනි අධික වීම.

    ගර්භණී මව්වරුන් රුබෙල්ලා වැනි ආසාදන වලට ගොදුරු වීම.

    විකිරණ බලපෑම්.

    ගර්භණී අවධියේදී රෝගාබාධ වලට ගන්නා ඇතැම් ඖෂධවල බලපෑම.

    Latest News