මාතලේ නගරාධිපති ධූරයෙන් ඉවත් කෙරේ

දෙසැ 03, 2020

    මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතා ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

    ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (02) නිකුත් කෙරුණා.

    වැඩ තහනමට ලක්ව සිටි මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ මහතාට එරෙහිව එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් කර තිබූ පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් සිදු කෙරුණා.

    එහි වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත ලබාදීමෙන් අනතුරුවයි වැඩ තහනමට ලක්ව සිටි ඩල්ජිත් අළුවිහාරේ මහතා තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණේ.

    නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් ඉටු කිරීමේ දී මහනගර සභා ආඥා පනතේ වගන්ති වලට අනුව වැරැදි සිදුකර ඇති බව තහවුරුවීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

    Latest News