මන්නාරමේ ධිවර යාත්‍රා 65කට හානි

දෙසැ 03, 2020

    බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම සුළගට හසු වී අද උදෑසන ගසා ගෙන ගොස් ඇතැයි මන්නාරම එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කර සිටිනවා.

    මෙසේ ගසා ගෙන ගිය ධීවර බෝට්ටු ගල්පරවල හා එම බෝට්ටු එකිනෙක ගැටී බෝට්ටු විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී ඇති බවද ධීවර සංගමය සදහන් කරේ.

    පේසාලේ හා මන්නාරමේ ධීවර වාඩි 150 කට වඩා වැඩි සංඛ්‍යාවක් සුළගට හසු වී ඒවා මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

    මේ අතර මන්නාරම් කළාපයේ ධීවරයින්ට අයත් බෝට්ටු 11 කට මේ දක්වා සිදු වූ දෙයක් නොමැති බව පවසන ධීවරයින් ඒවා ඉන්දියාව දෙසට ගසා ගෙන යන්නට ඇතැයි විශ්වාස කරයි.

    පේසාලේ ධීවර ජනතාව විසින් වන්දනා මාන කළ දේවස්ථානයක්ද සුළි සුළගට හසු වී විනාශ වී ඇති අතර එහි කොටස් කීපයක්ම මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

    Latest News