මහර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන ගිහින් - (7.30)
මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු පලා ගොස් තිබේ.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රී ඔහු පලා ගොස් ඇති බවයි.
අදාළ රැඳවියාට කොරෝනා ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා PCR පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද අධ්යක්ෂවරයා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිට මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.