රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට සැලසුම්

දෙසැ 02, 2020

    රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ සංවර්ධනය කිරිමට සැලසුම් කෙරේ.

    ඊට අවශ්‍ය මූලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    දේශිය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ගුවන් තොටුපළ සංවර්ධනය කිරිම අපේක්ෂාවයි.

    විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙසද එය ප්‍රවර්ධනය කෙරේ.

    සංචාරක ආකර්ෂණිය ස්ථාන සදහා නව දේශිය ගුවන් මාර්ග හදුනාගෙන ඒවා ආරම්භ කිරිම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

    කොරෝනා වසංගතය හේතුවෙන් නතර වී ඇති රත්මලාන සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් ගමන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදි නැවත ආරම්භ කෙරේ.

    Latest News