මිලියන 8ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

දෙසැ 02, 2020

    විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගෙන තිබේ.

    එම පාර්සල් තුළ තිබී කුෂ් ග්‍රෑම් 500 ක් සහ කොකේන් ග්‍රෑම් 80 ක් සොයාගෙන ඇත.

    මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 4ක තිබී සොයා ගෙන ඇති අතර එංගලන්තය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.

    කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල ලිපිනයන් 4 කට අදාළ මත්ද්‍රව්‍ය, එවා තිබූ අතර අදාළ මත්ද්‍රව්‍ය එවා ඇති ලිපිනයන්වල සත්‍යතාවය තහවුරු කර ගනිමින් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News