නායයෑමේ අවදානම හේතුවෙන් නුවරඑළියේ මාර්ගයක් වැසේ

දෙසැ 02, 2020

    පවතින කාලගුණ අවදානම සමග නුවරඑළිය, වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශය නායයෑමේ අවදානමට ලක්වීම හේතුවෙන් අද (02) සවස 6 සිට එම මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මුංවත්ත සහ නරංතලාව යන ප්‍රදේශ වලින් මාර්ගය වසාදමා ඇති බව නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ සරත්චන්ද්‍ර මහතා පැවසීය.

    මහනුවර සිට වලපනේට පැමිණෙන වාහන රජ මාවත හරහාත්, පදියපැලැල්ලේ සිට නුවරඑළියට පැමිණෙන වාහන මතුරට හයි‌ෆොරස්ට් මාර්ගයත් විකල් මාර්ග ලෙස භාවිත කරන ලෙස දැනුම් දෙයි.

    එසේම දිස්ත්‍රික්කයේ අපදා කමිටුවට අයත් සියලු අංශ දැනුවත් කර ඇතිවිය හැකි අපදා තත්ත්වයන්ට මුහුණදීමට දිස්ත්‍රික්කය සුදානම් කර ඇති බවද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News