"බුරවී" වේගය සහ ගමන් මඟ වෙනස් කරයි (වීඩියෝ)

දෙසැ 02, 2020
  • "බුරවී" සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

    මීට පෙර මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුනත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය "මුලතිව්" ආසන්නයෙන් රට තුළට ඇතුල් විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය "බ්‍රමණ චලිතයක්" ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    මේ අතර ඇතිවිය හැකි ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණදීමට සියලුම ආපදා සහන කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් පසුවන බවයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ.

     

    මේ අතර, නවතම කාලගුණ විද්‍යා දත්ත අනුව "බුරවී" කුණාටුවේ වේගය පැ.කි.මි. 80 - 90 ත් අතර වේගයක් ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

    මීට පෙර එය පැ.කි.මි. 75-85 ත අතර අගයක් ගනු ඇති බවටයි නිවේදනය කර තිබුනේ. මේ අනුව උපරිම වේගය පැ.කි.මි. 100ක් දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    සුළි කුණාටුවේ සජීවීකරණ දර්ශන පහත වෙබ් අඩවියෙන් සජීවීව නිරීක්ෂණය කළ හැකියි.

    https://earth.nullschool.net/#current/wind/surface/level/orthographic=-277.99,8.41,5784/loc=

    Last modified on බදාදා, 02 දෙසැම්බර් 2020 20:01

    Latest News