'බුරවි' ත්‍රිකුණාමලයට කි.මී 140ක් නුදුරින්

දෙසැ 02, 2020

    “බුරවී“ සුළි කුණාටුව අද (02) පෙ.ව 11.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ‍උතුරු අක්ෂිංශ 8.7ත් නැගෙනහිර දේශාංශ 82.5ත් ආසන්නව ස්ථානගතව පවතී.

    සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00 - 10.00 ත් අතර දිවයිනට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වේ. ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.

    Latest News