'බුරවි' සුළිකුණාටුව

දෙසැ 02, 2020
  • දිවයිනට බලපවත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණාටු තත්වය හා ඉන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සම්බන්ධව අදාළ පාර්ශවයන් ඇතුළු සමස්ත මහජනතාව දැනුවත් කිරීමේ සජීව රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

    මෙම සජීවී වැඩසටහන ජාතික රූපවාහිනී නාලිකාව තුලින් අද (02) ප.ව 3.00 සිට විකාශය කිරීමට අපේක්ෂිත අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ආදී අදාළ රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයින් මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

    Last modified on බදාදා, 02 දෙසැම්බර් 2020 14:50

    Latest News