උතුරු - නැගෙනහිර පළාත්වල සියලු පාස‍ල් වැසේ

දෙසැ 02, 2020

    “බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සිට දින දෙකක් වසා තැබීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කළාය.

    මේ අතර නැගෙනහිර පළාතේ සියලුම පාසල් අද (02) සිට වසා දැමීමට ඊයේ (01) තීරණය කෙරිණි.

    මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 200ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතී.

    එය අද රාත්‍රී රාත්‍රී 7.00-10.00ත් අතර රට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News