'බුරවි' රාත්‍රී 7-10ත් අතර දිවයිනට- මේවන විට ත්‍රිකුණාමලයට කි.මී 200ක් ඈතින්

දෙසැ 02, 2020

    “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ලංකාවේ ඊසානදිග වෙරළෙන් අද (02) රාත්‍රී 7.00 - 10.00ත් අතර දිවයිනට තුළට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව පෙ.ව 8.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 200ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.6ත් නැගෙනහිර දේශාංශ 83.0ත් ආසන්නව ස්ථානගතව පවතියි.

    සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 80-90 පමණ වන අතර විටින් විට පැ .කි.මී.100 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (‍03) උදෑසන වන විට පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.

    නැගෙනහිර,උතුරු, උතුරු මැද,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.

    සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවපළාත්වල විටින් විට පැ.කි.මි.(80 -90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.

    සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    බුරවි සුළි කුණාට‍ුවේ ගමන් මාර්ගය සජීවීව පහතින්..

    https://zoom.earth/storms/burevi-2020/

    Last modified on බදාදා, 02 දෙසැම්බර් 2020 13:27

    Latest News