මහර බන්ධනාගාර ගැටුමට සම්බන්ධ සියලු රැඳවියන්ට නඩු - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

දෙසැ 02, 2020

    මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියට සම්බන්ධ රැඳවියන් සියලු දෙනාට එරෙහිව නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ රැඳවියන් කවුරුන් ද යන්න පිළිබඳ හඳුනාගනිමින් සිටින බවයි.

    ඒ සම්බන්ධයෙන් 25 කුට අධික පිරිසක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවද ඔහු කියා සිටියේ ය.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, කලහකාරී තත්ත්වයේදී බන්ධනාගාර දේපළවලට ගිනි තැබීමෙන් ඊට දැඩි හානි සිදුව ඇති බවයි.

    ඒවාට සිදුවූ හානිය තක්සේරු කිරීම ද ආරම්භ කර තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මහර බන්ධනාගාරයේ ආරක්ෂාව ඊයේ තහවුරු කළ බවයි.

    මේ වනවිට එහි රැඳවියන් 2500 ක් රඳවා ඇති බව ද ඔහු කියා සිටියේ ය.

    මහර බන්ධනාගාර කලහකාරී සිදුවීමෙන් මිය ගිය රැඳවියන් සංඛ්‍යාව 11ක් නිලධාරීන් දෙදෙනෙකු හා රැඳවියන් 106 දෙනෙක් සිද්ධියයෙන් තුවාල ලැබූහ.

    මේ අතර මියගිය රැඳවියන්ගේ සිරුරුවලින් ලබාගත් සාම්පල වලින් සිදුකල පී සී ආර් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, 09 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවයි.

    Latest News