මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව කුමක්ද?

දෙසැ 02, 2020

    ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී ද මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන සාකච්ජා වී තිබේ.

    මේ වන විට බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500ක් අතරින් රැඳවියන් 189 දෙනෙක්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.

    ඇප ලබා සිටින 100කට ආසන්න රැඳවියන් පී සී ආර් පරීක්ෂණවලට ලක්කර නිවෙස් වෙත යැවීමට පියවර ගෙන ඇතැයි, ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික සංකූලතා අවම කිරීම සඳහා භාවිත කරන වර්ග 3ක ඖෂධ පෙති 21000ක් පමණ ගබඩා කර තිබිණ.


    රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ පාවිච්චි කිරීමෙන් එම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගතවන්නට ඇත්දැයි, සොයා බලමින් සිටින බව ද කමල් ගුණරත්න මහතා කියා සිටියි. උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News