බුරවී සුළි කුණාටුව ලංකාවට සමීප වෙයි

දෙසැ 02, 2020

    බුරවී සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 100ක් එපිටින් මේ වනවිට සක්‍රීයව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සුළං හා වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

    සුළි කුණාටුව පැ.කි.මි.75 - 85 ත් අතර වේගයෙන් ගමන් කරන අතර එය විටින් විට 95 දක්වා වර්ධනය වන බවත් ඒ හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ෂාපතනයක් හා සුළං තත්වයන් ​ද බස්නාහිර ප්‍රාදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළා.

    Latest News