2018 / 2019 පොහොර වංචාවට පස් දෙනෙකුගේ වැඩ තහනම්

දෙසැ 02, 2020

    පසුගිය 2018 සහ 2019 වසර වල පොහොර බෙදාදීම සම්බන්ධයෙන් නිලධාරින් 05 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.

    සාවද්‍ය ලේඛන සකස්කොට රසායනාගාර පරීක්ෂණ වාර්තා වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කර ගනිමින් මෙසේ සේවය අත්හිටුවීමට තීරණය ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    මේ අනුව පොහොර ලේකම් කාර්යාලයේ එවකට සේවය කළ සහකාර අධ්‍යක්ෂවරු තිදෙනෙක් සහ සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.

    ලක්පොහොර සමාගමේ මිලියන 201ක වංචාව සහ විගණකාධිපති වාර්තාව අනුව හෙළි වූ රුපියල් බිලියන 1.2කට ආසන්න මෙම වංචාව පිළිබඳ කඩිනමින් සිදුකළ පරීක්ෂණ අනුව අදාළ නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට නිර්දේශ කර තිබේ.

    Latest News