අද සිට දුම්රිය හා බස් වැඩියෙන් ධාවනයට

නොවැ 30, 2020

    පිටකොටුව ප‍්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමත් සමග පොදු ප‍්‍රවාහන සේවා අද සිට වැඩි වශයෙන් සිදු කිරීමට නියමිතයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ වෙනදාට වඩා වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කරන බවයි. පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව මෙම ප‍්‍රවාහන වැඩපිළිවල කි‍්‍රයාවට නංවන බවද ඔහු පවසයි.

    පාසල් විවෘත කර ඇති බැවින් පාසල් සිසුන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් වැඩි ලංගම බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසුවේ.

    දුම්රිය ගමන්වාර 104ක් අද සිට කි‍්‍රයාවට නංවන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. හුදෙකලා තත්ත්වය ඉවත් කළ ප‍්‍රදේශවල පිහිටි දුම්රිය නැවතුම්පොළවලද දුම්රිය නතර කරනු ඇති.

    Latest News