අද හුදෙකලා තත්වයෙන් ඉවත් ‍කෙරුණු ප්‍රදේශ

නොවැ 30, 2020

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, මට්ටක්කුලිය, වෙරළබඩ යන පොලිස් වසම් මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණ.

    මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තත්ත්වයෙන් ඉවත්කර තිබේ.

    මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතියි.

    වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 05.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වේ.

    එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැලණිය සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    Latest News