අඩු ආදායම්ලාභී පවුල් 6කට නව නිවාස

නොවැ 21, 2020

    කඩුවෙළ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 6ක් සඳහා ඉදිකෙරුණු නිවාස අද ඒම පවුල් වෙත බාර දෙනු ලැබීය.

    ඒය ක්‍රියාත්මක කෙරුණේ 'ඔබට ගෙයක් - රටට හෙටක්' සංකල්පය අනූවයි. ඒක් නිවසකට නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ 6ක ආධාර හා කඩුවෙල නගර සභාවේ ප්‍රජා සංවර්ධන අරමුදලෙන් රුපියල් ලක්ෂ 7ක් ඇතුලුව ලක්ෂ 13ක් වැය කර තිබේ.

    නිවාස ජනතා අයිතියට පත් කෙරුණේ,අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර අපරැක්ක මහල් නිවාස යෝජනා ක්‍රමයේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්විණ. මේ යටතේ නිවාස 100ක් ඉදි කිරීමට නියමිතයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ,සියපත නිවාස යෝජනා ක්‍රමය යටතේ.

    Latest News