සංචාරයක් සදහා පැමිණි 11ක් ස්වයං නිරෝධනයට

නොවැ 21, 2020

    කොවිඩ් 19 නිරෝධායනය උපදෙස් නොපිළිපදිමින් අවධානම් කලාපයේ සිට තලවාකැලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි 11 දෙනෙකු සහ සංචාරක නිකේතනයේ සේවකයින් සිවිදෙනෙක් දින 14 නිරෝධායනයට යොමු කෙරේ.

    තලවාකැලේ පොලිසියේ නිලධාරින් සහ තලවාකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා (21) ඒක්ව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නිට්ටඹුව රන් පොකුනුගම ප්‍රදේශයේ සිට 11 දෙනෙක්කු තලවාකැලේ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සංචාරක නිකේතනයට (20) දින රාත්‍රි පැමිණ ඇත.

    සංචාරය සඳහා පැමිණි පිරිස අතර කොළඹ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ලිපිකාරිනියක්ද සිටින බවයි තලවාකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රුවන් සමරසේකර මහතා කියා සිටියේ.

    Latest News