නුවරඑළියේ විනෝද චාරිකා තහනම්

ඔක් 29, 2020

    රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අද (29) දින මාධ්‍යට වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් වැඩිදුරටත් සඳහන් කළේ එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය පියවර ගැරනීමට අදාළව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.

    නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යාණය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා, පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවයි.

    Latest News