එයාර් මාර්ෂල් සුමංගල ඩයස් 02 විශ්‍රාම යයි

ඔක් 29, 2020

    18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිත බව පැවසේ.

    ඒ ලබන මස 02 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

    මේ වනවිට ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ලබන මස 02 වැනි දින විශ‍්‍රාම යාමට නියමිත බවයි, ගුවන් හමුදාව පැවසුවේ.

    ඉන්පසු ඔහු කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කිරීමට ද නියමිතයි.

    විශ‍්‍රාම යාමට නියමිතව සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී සමුගැනීමේ උළෙලක් ද පවත්වා ඇත.

    Latest News