icc

කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,933 ක්

ඔක් 27, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,933 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතර, දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගෙන් 602ක් මේ වනවිට සුවය ලබා තිබේ. කොවිඩ්- 19 රෝගය වැළඳුණු 541ක් ඊයේ මෙරටින් වාර්තා විය.

    ඔවුන්ගෙන් 499 දෙනෙකුම, දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. අනෙක් හතළිස් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්.

    Latest News