ජනාධිපති කාර්යාල සේවා දැන් සන්නිවේදන මාධ්‍ය මගින් ...

ඔක් 26, 2020

    දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් ජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

    රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් නිසා ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්්‍යුත් තැපෑල බඳු සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇත. ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.

    ජනාධිපති මහජන සම්බන්ධතා අංශය- 011 - 4354550 / 011 - 2354550 Fax 011 - 2348855

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    ඔම්බුඩ්ස්මන් කාර්යාලය - 0112338073 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    ජනාධිපති අරමුදල - 0112354354

    (දිගුව 4800/ 4814 / 4815 / 4818) Fax 0112331243 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Latest News