පැරණි වැව් යළි ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

ඔක් 26, 2020

    පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් වන කරුවලගස්වැව හා වනාතවිල්ළුව දෙකේම ජල අවශ්‍යතා සැපයීම වෙනුවෙන් කැලේ අත හැර දමා ඇති වසර ගණාවක් පැරණි වැව් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක් ඉකුත් 25 සිදු කෙරෙණි.

    වර්ෂා ජලයෙන් රැස්කර ගෙන ඉපැරණි රජ දවස සිට ප්‍රදේශයේ ජල අවශ්‍යතා වෙනුවෙන් මහසෙන් වැවව ප්‍රයෝජනයට ගත් බව ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීම මත එය නිරීක්ෂණය කිරීමට රාජ්‍ය ආමාත්‍ය සනත් නිශාන්ත මහතා සහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඇතුළු මෙයට අදාළ සියළු රාජ්‍ය නිළධාරීන් සියළු දෙනාම මෙම නිරීක්ෂණ චාරිකාවට එක්විය.

    මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම මහසෙන් වැවව ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් වැව් බැම්ම කැඩීයාම නිසා එහි ජලය එක්රැස් නොවී නිකරුණේ ගලා ගෙන ගොස් ඇත.

    මෙම විශාල මහසෙන් වැව හා අනෙක් වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ කෙන්නයටම කුඹුරු අස්වැද්දීමට හා කෘෂිකර්මාන්තයට හා බීමට අවශ්‍ය ජල පෝෂණයන් වර්ධනය කර ගැනීමටත්, වන අලීන් ජලය සොයා ගම් වැදීම වළක්වා ගත හැකි බවයි බළධාරීන් සඳහන් කෙරෙන්නේ.

    Latest News