බද්දේගම 'කැළෑ ජෝන්' මොරටුවේදී පොලිස් දැලේ

ඔක් 26, 2020

    ඉදිකිරීමෙන් පවතින ගෙවල් වලට දිවා කාලයේ ගොස් තොරතුරු විමසා රාත්‍රී කාලයේ ගොස් එම නිවෙස් වල භාණ්ඩ සොරකම් රැසකට සම්බන්ධ "යුද හමුදා සේවයෙන් ඉවත්වී විවිධ අපරාධ කල්ලි සමඟ කටයුතු කර අපරාධ රැසකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට ඇති බව කියන" බද්දේගම කැලෑ ජෝන් නැමැති සැකකරුවෙකු හෙරොයින් 1980mg සමඟ අද දින මොරටුව ලුනාව ප්‍රදේශයේ දී මොරටුව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම සැකකරු පිළිබඳව ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද දීර්ඝ විමර්ශන කටයුතු වල දී මෙම සැකකරු වසර අටක් තිස්සේ අඟුලාන ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසක රැඳී සිටිමින් දහවල් කාලයේ වෘත්තිමය වශයෙන් කුලී වැඩවල නිරත වන්නේක් බවත් ඔහු රාත්‍රි කාලේ එම නිවාස වලම බඩු සොරකම් කර එම සොරකම් කරන ලද එම භාණ්ඩ වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ලබා ගන්නා මුදල් වලින් හෙරොයින් පැකට් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් පානය කරන බව එම පුද්ගලයා විසින් පොලිසියට ප්‍රකාශ කරන ලදී.

    තවද මෙම පුද්ගලයා විසින් මොරටුව, රාවතාවත්ත, රත්මලාන, අඟුලාන, මොරටුමුල්ල, යන ප්‍රදේශවල නවතා ඇති වාහන බැටරි, ටයර්, යාන්ත්‍රික උපකරණ, නාන කාමර කට්ටල සොරාගෙන ඇති බව පොලිසිය සොයාගෙන ඇත.

    දැඩිව හෙරොයින්මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මෙම පුද්ගලයා බද්දේගම ප්‍රදේශයේ හෙරොයින් සොයාගැනීම දුෂ්කර බැවින් අගුලාන ප්‍රදේශයට හෙරොයින් සඳහාම පැමිණ පදිංචිවී ඇති මෙම පුද්ගලයා හෙරොයින් මිල අඩු දවසට පැකට් 15 ද හෙරොයින් මිල වැඩි දවසට පැකට් 10 පමණ පානය කරන බවත් ඒ සඳහා රුපියල් 16,000 පමණ මුදලක් වැයවන බව පොලීසියට ප්‍රකාශ කරන ලදී.

    මොරටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා 34 හැවිරිදි විවාහක දෙදරු පියෙකි.

    බද්දේගම ප්‍රදේශයේ ද විවිධ නිවාස කොල්ලකෑම රැසකට සම්බන්ධ වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය සැකකරු අද (25) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News