මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක්

ඔක් 26, 2020

    කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන්ට කොවිඩ් - 19 වයිරසය සදහා රක්ෂණ ආවරණයක් ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සංචාරක අමත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    සංචාරකයන් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රක්ෂණ ආයතන නියොජිතයන් සමග පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

    සංචාරක අමාත්‍ය කර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කළේ පුද්ගලික හා රාජ්‍ය දෙඅංශයටම ගැලපෙන පරිදි මෙම රක්ෂණ ක්‍රමය සකසන බවයි.

    Latest News