සංචරණ සීමාවන් නිරීක්ෂණයට විශේෂ මෙහෙයුමක්

ඔක් 26, 2020

    නිරෝධායන ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරිමට අද දිනය තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

    මෙම යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණය කණ්ඩායම් දෙකක් කොළඹ නගර සිමාවේද අනෙක් කණ්ඩායම් 03 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ද මෙලෙස අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදුකරනු ලබන බවයි එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර කටුනායක DPL ග්ලව්ස් පුද්ගලික සමාගමේ සේවකයින් 07 දෙනෙකුට ද Okaya Lanka ආයතනයෙන් සහ මීගමුවේ පිහිටි Ansen Lanka ආයතනයෙන් එක් කොරෝනා ආසාදිතයා බැගින් වාර්තා වන බවයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    Last modified on සදුදා, 26 ඔක්තෝබර් 2020 13:47

    Latest News