ඉදිරියේදී බරපතල නොවන ආසාදිතයින්ට රෝහල්වල ප්‍රතිකාර නොකරාවි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

ඔක් 26, 2020

    දිගින් දිගටම රෝගීන් විශාල ලෙස වාර්තා වෙන තත්ත්වයක් ඇති වුවහොත් රෝග ලක්ෂණ බරපතල නොවන රෝගීන්ට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර නොකිරීම විකල්පයක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර පවසා තිබේ.

    ඔහු මේ බව පවසා ඇත්තේ, රෝගීන් වැඩිවිමකදී එවැනි දෙයක් කිරීමට බලාපොරොත්තුවන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

    දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් -19 රෝගීන්ගෙන් 80% කට වඩා වැඩි සංඛ්‍යාවක් රෝග ලක්ෂණ නොපෙන්වන බරපතල ගනයේ නොවන රෝගීන් බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා තිබේ.

    කෙසේ වෙතත් මේ වනවිට එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පවසා ඇත.

    රෝගීන් ගණන සීමාවෙන් ඔබ්බට වැඩි වුවහොත් එය විකල්පය විය හැකි බවද වෛද්‍ය ජයරුවන් වැඩිදුරටත් පවසා ඇත.

    රෝගීන් ගණන වැඩිවීමකදී කළ යුතු වන්නේ සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීම මිස රෝගීන් අතහැර දැමීම නොවේ.

    රජයේ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම් පෞද්ගලික රෝහල්වල පහසුකම් මේ සඳහා ලබාගත යුතු බවට කොවිඩ් වසංගතය මෙරට තුළ පැතිරුණු මුල් කාලයේ සිට ඉල්ලීම් ඉදිරිපත් විය.

    Latest News