icc

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් විවෘතයි

ඔක් 26, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.

    උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

    මේ අතර අද උදෑසන වනවිට නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 64ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News