කොළඹට එන දුරගමන් බස් රථ තාවකාලිකව අත්හිටුවයි

ඔක් 26, 2020

    කොළඹට පැමිණෙන සියලුම දුර ගමන් සේවා බස් රථ ධාවනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

    මේ අතර නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    Latest News