පාර්ලිමේන්තුව දින දෙකකට වැසේ

ඔක් 26, 2020

    පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිළධාරියකුට කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි, වාර්තා වේ.

    අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු පවසා ඇත්තේ සිටියේ අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තු පරිශ්‍රය වසා දමා එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බවයි.

    පාර්ලිමේන්තුවේ අරක්ෂාව භාරව සිටි විශේෂ කාර්ය බලකා සෙබළුන් සියලුදෙනා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට විශේෂ කාර්ය බලකා මූලස්ථානය විසින් වෙනත් සෙබළුන් පිරිසක් රාජකාරි සඳහා අනුයුක්ත කර තිබේ.

    Latest News