“සෞභාග්‍යයේ දැක්ම“ රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි.

ඔක් 25, 2020

    “සෞභාග්‍යයේ දැක්ම“ රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව අඩු ආදායම්ලාභී පවුල්වල සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථාව හිමිවේ.

    ඒ යටතේ අම්බලන්ගොඩ, රත්ගම, බද්දේගම මැතිවරණ කොට්ඨාසවල තරුණ-තරුණියන් 1800කට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ හික්කඩුව නගර සභා ශාලාවේ දී සිදු කෙරිණ.

    ඒ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන්. මෙය ගාලු දිස්ත්‍රික්කයේ පළමු අදියරයි. රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News