ලිපි බෙදීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

ඔක් 25, 2020

    දැනට ව්‍යාප්ත වෙමින් පවත්නා කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව ලිපි හා පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, තැපැල්කරුවන්ගේ ආරක්‍ෂාවත් සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි පාලිත උප තැපැල් කාර්යාල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න තැපැල් කාර්යාල හා මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    තවදුරටත් වාර්තාවන තත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු අවශ්‍ය ලිපි බෙදීමේ කටයුතු අත්හිටුවීම හා කාර්යාල තාවකාලිකව වසා තැබීම සිදුකිරීමට ප්‍රාදේශීය පරිපාලනයට වෙත උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම ලිපි බෙදීම අත්හිටුවා ඇති ප්‍රදේශවල රෝහල් මගින් සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග සහ රාජ්‍ය ඔසුසල මගින් ඇණවුම් කොට බෙදාහරිනු ලබන ඖෂධ බෙදීම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද නිවේදනයේ දැක්වේ.

    Last modified on ඉරිදා, 25 ඔක්තෝබර් 2020 18:02

    Latest News