හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝ නොවේ

ඔක් 25, 2020

    හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝ නොවන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එවැවින් පැතිරයන කටකතාවලට නොරැවටෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැඳි සිටිය හැකිය යන සෛද්ධාන්තික පදනම මත මාළු පිසීමේදී හෝ ගබඩා කිරීම සිදුකරන අවස්ථාවේදී මුහුණ හා ඒ අවට නොඅල්ලා සිටිය යුතුය.

    අනතුරුව, ඒ සඳහා භාවිත කළ උපකරණ සහ දෑත් හොඳින් සබන් යොදා සෝදාගත යුතුය. පදනමකින් තොරව මාළු වෙළඳාම් කරන ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් ඒවා පවත්වාගෙන යා හැක.

    Latest News