NB 9017 කොළඹ-බදුල්ල බසයේ කොරෝනා රෝගියෙකු හාලි ඇළට ගිහින්

ඔක් 25, 2020

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ-බදුල්ල ලංගම බස්‍ රථයකින් හාලිඇලට පැමිණ තිබේ.

    මොහු රොසට්වත්ත වතු නිවසක සැඟවී සොයාගෙන අරලගංවිල නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ (24) රැගෙන ගොස් ඇති බව හාලිඇළ පොලිසිය පවසයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට ලක්කර ඇත.

    තලංගම ඩිපෝවට අයත් NB 9017 කොළඹ-බදුල්ල බස් රථයෙන් ආසාදිතයා පෙරේදා (23) කොළඹින් හාලිඇළ බලා පැමිණ ඇති බවත්, බස් රථයේ ගමන් ගත් මගීන් වහාම පොලිසිය හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කරන මෙන් හාලිඇළ පොලිසිය ඉල්ලීමක් කරයි.

    Latest News